ගෑස් මිල වැඩි වීම හමුවේ පාරිභෝගිකයන් සුරැකීමට පාරිභෝගික අධිකාරිය සීරුවෙන්

(කොළඹ, ලංකාපුවත්) – ගෑස් මිල වැඩි කිරීම පාදක කරගෙන එය අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින් ආපන ශාලා සහ හෝටල් හිමියන්ට ආහාර මිල වැඩි කිරීමට ඉඩ දෙන්නේ නැතිබව පාරිභෝගික අධිකාරිය පවසයි.

ජීවන වියදම් පිළිබද අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ තීරණය පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් වැඩි කිරීමට පියවර ගැණුනි.

ඒ අනුව පසුගිය අප්‍රේල් 27වන දින සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව අලෙවි මිල රුපියල් 1679ක් දක්වා වැඩි කෙරුණි. එහෙත් 2015 වසරේ ජනවාරි මස රජය බලයට පත් වන විට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1896ක පැවතියේය. එය වහා රුපියල් 1332ක් දක්වා අඩු කිරීමට රජය පියවර ගනු ලැබීය. ඊට පෙර දෙදහස් දාහතර වසරේදී ගෑස් සිලින්ඩරයක විකුණුම් මිල රුපියල් 2441ව පැවතියේය.

එම වසරවල පැවති මිල ගණන් අනුව සැසදීමේදී වත්මන් මිල ගණන් අඩු මට්ටමක පවති. මේ හේතුවෙන් ආහාරවල මිල වැඩි කිරීමට හේතුවක් නැති බව පාරිභෝගික අධිකාරිය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *