පෞද්ගලික රෝහල් ඉල්ලන ඕනෑම ලේ වර්ගයක් ඕනෑම මොහොතක දිය හැකියි – ජාතික රුධිර පාරවිලයන සේවය

(කොළඹ, ලංකාපුවත්) –රෝගීන්ගේ අවශ්‍යතා සඳහා ඕනෑම ලේ වර්ගයක් ඕනෑම මොහොතක ලබා දීමට සූදානම් බව ජාතික රුධිර පාරවිලයන සේවය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ පෞද්ගලික රෝහල්, රෝගීන්ගේ අවශ්‍යතා සඳහා රුධිරය ලබා දෙන ලෙස ඥාතීන්ගෙන් සිදුකරන ඉල්ලීම් සාදාචාරත්මක නොවන බවයි.

පසුගිය දිනවල සමාජජාල මාධ්‍ය ඔස්සේ රෝගීන් සඳහා රුධිරය ලබා දෙන ලෙස ඉල්ලීම් බහුල වශයෙන් සිදු කෙරුණි.

කෙසේ වෙතත් ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ පෞද්ගලික රෝහල් ඉල්ලීමක් කරන්නේ නම් ඕනෑම ලේ වර්ගයක් ලබා දීමට හැකියාව පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *