කලහකාරී වූ ප්‍රංශ මැයි විරෝධතාකරුවන් 200ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශයේ පැවැත්වූ වාර්ෂික මැයි දින පෙළපාලියට සහභාගී වූ විරෝධතාකරුවන් 200කට ආසන්න සංඛ්‍යාවක් පැරිස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, ඔවුන්ගේ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙනි.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්ගේ නව කම්කරු ප්‍රතිසංස්කරණ පනතට විරෝධය පළ කරමින් විරෝධතාකරුවන් මෙලෙස කලහකාරී ලෙස හැසිරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සාමකාමීව ඇරඹුණු මැයි දින රැළියේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණේ වාමාංශික, රාජ්‍ය විරෝධී ‘බ්ලැක් බොලොක්ස්‘ නමින් හැදින්වූ කණ්ඩායමකි. වෙස්මුහුණු පැළදගත් 1,200කට ආසන්න පිරිසක් විරෝධතා දැක්වීමට එක්ව සිටි බව පොලීසිය පවසයි. සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි සදහන් වේ.

කඳුළු ගෑස් ප්‍රහාර, ජල ප්‍රහාර එල්ල කරමින් උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට පොලීසිය ක්‍රියා කර තිබේ. පැරිස් නගරයේ කඩා සාප්පු, වාහන, බස් නැවතුම් ස්ථාන, මැක්ඩොනල්ඩ් අවන්හල් හා දුම්රිය ස්ථාන ද විරෝධතාකරුවන් විසින් ගිනිතබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 1 =