නව කැළණි පාලමෙන් වාහන ගමනය දින තුනක් සීමා කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –නව කැලණි පාලමේ සිදු කරනු ලබන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (03) සිට 05දා දක්වා දිවා කාලයේ සහ රාත්‍රි කාලයේ වරින්වර රථවාහන ගමනාගමනය සීමා කිරීම සිදු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මේ හේතුවෙන් කොළඹ – නුවර මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹින් පිටවීමේ දී සහ කොළඹට ඇතුළුවීමේ දී කැලණි වට රවුම අසලදී ඇති වන වාහන තදබදය අවම කිරීම සඳහා සුදුසු විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *