මහා සිනමාකරු ලෙස්ටර් අද සමුගනී – අද ශෝක දිනයක්

(කොළඹ, ලංකාපුවත්) – හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදුකෙරෙන අද (02) දිනය ශෝක දිනයක් ලෙස නම් කර තිබේ.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සදහන් කළේ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා විසින් ගත් තීරණයක් අනුව මෙම ශෝක දිනය නම් කළ බවයි.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය මේ වනවිට කොළඹ ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත.

අද පෙරවරුවේ ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව පෙරවරු 10 ට රථ පෙරහැරකින් කොළඹ 07 නිදහස් චතුරස්‍රය අසළට වෙත ගෙන ඒමට නියමිත අතර ජාතික චිත්‍රපට සංස්ථාව අසළ දී සිනමාවේදීන් ඇතුළු කලාකරුවන් විසින් දේහයට පුෂ්පෝපහාර දක්වා එතැන් සිට පා ගමනින් නිදහස් චතුරශ්‍රය වෙත දේහය ගෙනයාමට නියමිතය.

දහවල් 3 දක්වා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කෙරෙන අතර ඉන් පසු අවමංගල උත්සවය ආරම්භ කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − ten =