සිකුරාදා සිට වැස්ස වැඩිවන ලකුණු

(කොළඹ, ලංකාපුවත්) – ලබන සිකුරාදා(04) සිට දිවයිනේ වැසි සහිත කාලගුණයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ. දකුණ සහ ඌව පළාත්වලත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් මි.මී. 50ක පමණ සාමාන්‍යයෙන් තද වැසි ඇති විය හැකිය.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැකිය.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

එසේම මැයි මස 04 වන දින සිට දිවයිනට ගිනිකොණදිගින් වන මුහුදු ප්‍රදේශවලවැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *