අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (03) පැවැත්වීමට නියමිතය.

අද පෙරවරු 9.00ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයින්ට ආරාධනා කර තිබේ.

මෙම රැස්වීම ඊයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද පසුව එය අද දක්වා කල් තැබීමට සිදුවූ බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසීය.

මැයි 08 වනදා ආරම්භවීමට නියමිත නව පාර්ලිමේන්තු සැසිවාරය සහ පාර්ලිමේන්තුවේ ඉදිරි න්‍යාපත්‍රය සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 3 =