‘නේවි සම්පත්‘ හොයන්න මහජන සහය පතයි

(කොළඹ, ලංකාපුවත්) – ‘නේවි සම්පත්‘ නැමැති අයෙකු අත්අඩංගුවට ගැනීම සදහා මහජන සහාය අපේක්‍ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

පුද්ගලයන් 11දෙනෙකු පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබාගෙන කප්පම් ලබාගෙන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කර ඇත.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු වන හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරයෙක් අත්අඩංගුවට ගැනීම සදහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘නේවි සම්පත්‘ ලෙස ඔහුව හදුන්වනු ලැබේ.

වයස 24ක් වන මේ සැකකරු, අංක 54/1, වෙන්නවත්ත, වැල්ලම්පිටියේ පදිංචිව සිටි අයෙකි.

අදාළ පුද්ගලයා සම්බන්ධ තොරතුරක් වෙතොත් පහත සදහන් දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් මැදිරිය 011 – 2422176
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව 011 – 2320141 – 145
සමූහ මංකොල්ල අංශය 011 – 2393621

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 11 =