ලංකාවෙන් ඇනකොන්ඩා යුවළක් ඉන්දියාවට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මයිසූර් හි පිහිටි ශ්‍රී චාමරජෙන්ද්‍ර සත්වෝද්‍යානයට ඇනකොන්ඩා යුවලක් සත්ව හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී ලංකා විසින් ලබා දී ඇත.

ඒ අනුව අවුරුදු 04ක් වයසැති මෙම ඇනකොන්ඩා යුවලේ පිරිමි සත්වයා අඩි 06ක් පමණ දිග වන අතර ගැහැණු සත්වයා අඩි 08ක් පමණ දිගින් යුක්ත වේ.

ශ්‍රී ලංකා – ඉන්දියා සත්ව හුවමාරු වැඩසටහන යටතේ මේ සතුන් යවා ඇත.

ඉකුත් 28වැනිදා ශ්‍රී ලංකාවෙන් බැංගලෝර් වෙත යැවූ එම ඇනකොන්ඩා යුවළ ඉකුත් 29වනදා මයිසූර් වෙත ගොස් තිබේ.

චාමරජෙන්ද්‍ර සත්වෝද්‍යානයේ විධායක අධ්‍යක්‍ෂ සී රවිෂංකර් පවසා ඇත්තේ කෙම්පෙගවුඩා අන්තර්ජාතික ගුවන් තොටුපළේ දී මෙම සතුන් භාරගෙන පසුවන ඔවුන් මයිසූර් දක්වා මාර්ගයෙන් රැගෙන ආ බවය. එම සත්වයින් දැන් නිරෝධායනය කර ඇත. මෙම සතුන් මහජන ප්‍රදර්හනයට තැබීමට තවත් මසක පමණ කාලයක් ගත වනු ඇති බවට ද ඔහු විශ්වාසය පළ කර සිටී.

ඉන්දියාවේ ටයිම්ස් පුවත්පතට අනුව, ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යානය 2011වසරේ දී තම පළමු හුවමාරු වැඩසටහන යටතේ චාමරජෙන්ද්‍ර සත්වෝද්‍යානයට ඇනකොන්ඩාවන් පස්දෙනෙකු යැවීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *