(කොළඹ, ලංකාපුවත්) – ලොව වායු දූෂණය වැඩිම නගර 20න් 14ක්ම පවතින්නේ ඉන්දියාවේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කර ඇත.
එහි වාර්තාවකට අනූව ලොව වායු දූෂණය වැඩිම නගරය වන්නේ ඉන්දියාවේ කාන්පූර් නගරයයි. වායුවේ පවතින අංශු ඝනත්වය පී එම් 2.5 අනූව එහි වායු දූෂණය කියුබික් මීටරයකට අංශු මයික්රොග්රෑම් 173ක ප්රමාණයකි.
කාන්පූර් නගරය පිහිටා ඇත්තේ ඉන්දියාවේ උත්තර් ප්රදේශයේය. වැඩිම වායු දූෂණයක් සිදුවන ස්ථාන අතරට ඉන්දියාවේ ෆරිදාබාද්, වරානාසි, ගයා, දිල්ලි අගනුවර ඇතුළු තවත් නගර කිහිපයක් ද ඇතුළත්වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වායු දූෂණය පිළිබඳ මේ වාර්තාවට අනූව ලොව සෑම 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුටම අශ්වාස කිරීමට සිදුව ඇත්තේ දූෂිත වායුවයි.