හෙට ගැන කාලගුණයෙන් දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – හෙට(04) දිනයේ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් කාලගුණය පිළිබද විශේෂ අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරනු ලැබේ.

පොළොන්නරුව, අනුරාධපුරය, වව්නියා, මුලතිව් සහ කිලිනොච්චි වන දිස්ත්‍රික්කවල ද ස්ථාන ස්වල්පයක වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.

ඉහත උණුසුම් දර්ශකය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විහ්ලේෂණ මගින් ලබාගත් වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්ව අගයයන් යොදා ගනිමින් හෙට(04)දිනය සදහා ගණනය කර ඇති දර්ශකය වන අතර මෙය ශරීරයට දැනෙන තත්ත්වයකි.

එම දර්හකය අනුව මිනිස් ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම ඉහත වගුවෙන් දක්වා ඇත.

මෙහිදී ක්‍රියාකල යුතු ආකාරය සම්බන්ධයෙන් ද උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

වැඩබිම තුල : ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න. සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්න.
නිවෙස් තුල : වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වෙන්න.
වාහන තුල : කුඩා ළමුන් වාහන තුළ තනියම රදවා නොයන්න.
එළිමහනේ : අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන්න. සෙවණ ඇති ස්ථානවල රැදෙන්න. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + one =