ඉන්දියාවේ විවාහ උත්සවයක දී මනාලයෙකුට වෙඩි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ විවාහ මංගල උත්සවයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් මනාලය ජීවතක්‍ෂයට පත්වීමේ පුවතක් මේ දිනවල සංවේදී වීඩියෝ පෙළක් සමඟ වාර්තා වේ.

මෙම වෙඩි තැබීමේදී ඉලක්කය වී ඇත්තේ මංගල උත්සවයේ මනාලයා බව සදහන්ය.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ලඛේම්පූර් ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර වෙඩි වැදීමෙන් මනාලයා වූ සුනිල් වර්මා නැමැති 25 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මංගල උත්සවයට සහභාගී වී ඔහු අසලම සිටි අයෙක් මෙම වෙඩි තැබීම සිදුකර අයුරු වීඩියෝ දර්ශන වල දක්නට ලැබේ.

සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන එරට පොලිසිය පවසන්නේ වෙඩි පත්තුකර මංගල උත්සවයේ සතුට සැමරීමට ගිය අවසථාවක අත්වැරදීමෙන් වෙඩි වැදීම සිදුවූවාද, නැතිනම් හිතාමතා මෙම වෙඩි තැබීම සිදුකළා ද යන්න බවට සැකයක් පවතින බවය. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන පැති කිහිපයක් ඔස්සේ සිදු කරනු ලැබේ.

කෙසේවෙතත් වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මේ වනවිට අතුරුදන්ව ඇති අතර ඔහු සොයා පරීක්ෂණ ආරම්භකර ඇත.

මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ මනාලිය ඒ අසල සිට නැත. මෙම වෙඩි තැබීමේ සිද්ධියට පෙර මනාලය, උත්සවයට සහභාගී වූ අමුත්තන් සමඟ ද සුහදව කතා කරමින් සිට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *