කේම්බ්‍රිජ් ඇනලිටිකා වසා දැමීමේ තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ෆේස්බුක් ආයතනය අර්බුධයකට ලක්කළ බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දැමීමට තීරණය කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමට එල්ලවන ප්‍රබලතම චෝදනාව වන්නේ ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු අනවසරයෙන් ලබාගෙන ඒවා දේශපාලන කටයුතු වෙනුවෙන් යොදාගත් බවට ය

2016 වසරේ දී ජනාධිපති ට්‍රම්ප් දිනවීමට කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම, සිය ගිණුම් හිමියන් මිලියන 87 කගේ පමණ පෞද්ගලික තොරතුරු අවභාවිත කළ බව ෆේස්බුක් සමාගම පවසයි.

මේ හේතුවෙන් ෆේස්බුක් සමාගම පිළිබඳ පැවති විශ්වාසය කඩවීම හමුවේ එහි කොටස්වල අගය ද විශාල ලෙස පහත වැටුණි.

කෙසේ වෙතත්, කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දැමුණ ද ඊට එරෙහි විමර්ශන කටයුතු අඛණ්ඩව පැවැත්වෙනු ඇතැයි ෆේස්බුක් සමාගම ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *