මැයි 07 නිවාඩු දිනයේ පුද්ගලික අංශයේ නිවාඩු සම්බන්ධ පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – ලෝක කම්කරු දිනය යෙදී තිබුණු මැයි 01 දා නිවාඩු දිනය මැයි 07 වැනිදා ට වෙනස් කිරීමේ ගැසට් නිවේදනයේ එදින පුද්ගලික අංශයේ නිවාඩු දිනයක් ලෙස සඳහන් නොකිරීමෙන් ගැටලුවක් මතුව ඇතැයි ඇතැම් මාධ්‍ය මගින් ප්‍රකාශ කිරීම කරුණු නිවැරදිව නොදැන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ රජය පොහොය දින ඇතුළු රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින හා බැංකු නිවාඩු ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ ද පුද්ගලික අංශයේ නිවාඩු දින ගැසට් පත්‍රයේ සඳහන් නොකරන බවයි.

1971 අංක 29 දරණ නිවාඩු පනත අනුව ස්වදේශ කටයුතු අමාත්‍යවරයාට පැවරෙන බලතල ප්‍රකාරව 2017 ජුනි මස 24 වැනි සෙනසුරාදා අංක 2024/55 දරණ ගැසට් නිවේදනය මගින් 2018 වර්ෂයට අදාල සියලුම නිවාඩු දින ප්‍රකාශයට පත්කරන ලදී. එම ගැසට් නිවේදනයේ ද සඳහන්ව ඇත්තේ රජයේ නිවාඩු දින හා බැංකු නිවාඩු දින පමණි. පුද්ගලික අංශයේ නිවාඩු දින සඳහන් කර නැත.

2018 මැයි මස 01 දිනට යෙදී තිබුණු නිවාඩු දිනය 2018 මැයි මස 07 දිනට වෙනස් කිරීමට අමාත්‍යය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව 2018 අප්‍රේල් 10 වැනි අඟහරුවාදා අංක 2066/17 දරණ ගැසට් නිවේදනය නිකුත් කරන ලදී. එම ගැසට් නිවේදනයේ ද පෙර ගැසට් නිවේදනයේ පරිදි සඳහන් කර ඇත්තේ රජයේ නිවාඩු දින හා බැංකු නිවාඩු දින පමණි. මෙලෙස එම ගැසට් නිවේදනයේ රජයේ නිවාඩු දිනයක් හා බැංකු නිවාඩු දිනයක් බව පමණක් සඳහන් කරන ලද්දේ ගැසට් නිවේදන නිකුත් කිරීමේ නිශ්චිත ක්‍රමවේදය අනුව මිස වැරදීමක් හේතුවෙන් නොවන සදහන් කෙරේ.

එසේම පෞද්ගලික අංශයේ නිවාඩු දින තීරණය කර එයට අදාල චක්රනලේඛයක් නිකුත් කරනු ලබන්නේ කම්කරු අමාත්යාංතශය මගින් බව අමාත්‍යවරයා පෙන්වා දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *