ඖෂධ ලියාපදිංචිය බලපත්‍ර නිකුත් කිරීම අන්තර්ජාලයෙන්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් සිදු කෙරෙන ඖෂධ ලියාපදිංචි කිරීම බලපත්ර නිකුත් කිරීම ඇතුළු සේවාවන් අන්තර්ජාලය ඔස්සේ සිදු කර ගැනීමට පහසුකම් සැළසේ .

ඖෂධ ලියාපදිංචි කිරීම,බලපත්‍ර ලබාදීම,වෛද්‍ය උපකරණ ලියාපදිංචි කිරීම ඇතුළු සේවාවන් රැසක් වඩාත් කාර්යක්ෂම සහ විනිවිද භාවයකින් සිදු කර කර ගැනීමට මේ අනුව හැකිවේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ක්‍රිතයාත්මක ඩිජිටල් සෞඛ්‍ය ව්‍යාපෘතිය යටතේ මේ සදහා පහසුකම් සපයනු ලබයි.

වි‍ශේෂයෙන්ම ඖෂධ ලියාපදිංචි කිරීම බල පත්රු නිකුත් කිරීම යන කටයුතු සදහා දැනට ගතවන කාලය අවම කර ගනිමින් විනිවිද බාවයකින් යුතුව එම කටයුතු සිදු කර ගැනිමට හැකි වන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිතද සිල්වා මහතා පවසයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල සේවාවන් කාර්යක්ෂම කිරීම සදහා විශේෂයෙන් තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීමෙන් ජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දීමට හැකිවන බව නියෝජිතායතනයේ වැඩසටහන් කළමණාකරු ශ්‍රියානන්ද රත්නායක මහතා සදහන් කළේය.

ඉහත සදහන් සේවාවන් ලබාදීම සදහා සම්බන්ධ ශ්‍රී ලංකා රේගුව සහ ආනයන අපනයන දෙපාර්තමේන්තුවද ඉදිරියේදී අන්තර්ජාලය ඔස්සේම සම්බන්ධ කර ගනිමින් සේවා ලබා දීමට හැකිවන අයුරින් මෙම ව්‍යාපෘතිය පුළුල් කිරීමට අපේක්ෂා කරන බවද ඖෂධ ලියාපදිංචිය සදහා වසරකට අයදුම්පත් හයදහසක් පමණ ලැබෙන ලැබෙන බවද අධිකාරිය පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා එපික් ලංකා ආයතනයේ තරින්ද්‍ර කල්පගේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකරු ශ්‍රියානන්ද රත්නායක යන මහත්වරු අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.එපික් ලංකා ටෙක්නොලිජීස් පුද්ගලික සමාගම මෙම ව්‍යාපෘතියේ පද්ධති සැපයුම්කරු ලෙස කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *