බැංකුවක් කොල්ල කෑමේ තැත වරදියි

(කොළඹ, ලංකාපුවත්) – වත්තල, ඇලකන්ද ප්‍රදේශයේ පිහිටි පුද්ගලික බැංකුවකට ඊයේ(03) සවස 2.30ට පමණ පැමිණි පුද්ගලයෙක් එහි මුදල් කොල්ලකෑමට උත්සාහ කිරීමේ තැතක් ව්‍යර්ථ වී ඇත.

බැංකුවේ මුදල් අයකැමි ලෙස සිටි කාන්තාවකට මිරිස් කුඩු මුහුණට ගසා, පිහියක් බෙල්ලට තබා රුපියල් 11,082,160ක මුදලක් කොල්ල කා පලා යාමට තැත් කර තිබේ.

පසුව එහි ආරක්‍ෂක නිලධාරියා සහ ගණුදෙනු කරුවන් විසින් සැකකරු අල්ලාගෙන පොලිසියට භාර දී ඇත. කොල්ලකන ලද මුදල් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 30ක් වූ රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහුව අද(04) වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 4 =