ට්විටර් පරිශීලකයන්ට ‘මුරපද‘ වෙනස් කරන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – තම මුරපද වෙනස් කරන ලෙස, “ට්ව්ටර්” සමාගම සිය ග්‍රාහකයන්ගෙන් ඉල්ලීමක් ඊයේ(03) සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ එම ජාලයේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් ග්‍රාහක තොරතුරු නිරාවරණය වී ඇති බව හෙළිදරව් වීමෙන් අනතුරුවය.

ට්ව්ටර් ප්‍රධාන තාක්ෂණ නිලධාරි ප්‍රාග් අග්‍රවාල්, බ්ලොක් සටහනක් තබමින් සදහන් කර ඇත්තේ මෙම දෝෂය අප විසින්ම සොයා ගත් බවත්, මුරපද ඉවත් කර, මෙම දෝෂය නැවත සිදුවීම වැළැක්වීම සඳහා සැලසුම් ක්‍රියාත්මක කර ඇති බවත් ය.

ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන ට්විටර් ග්‍රාහක සංඛ්‍යාව මේවන විට මිලියන 300 ඉක්මවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *