මුලතිව් හි LTTE යට අයත් පැරණි අවි ගබඩාවක් සොයා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – මුලතිව් විශ්වමඩු, ඉලන්ගෝපුරම් ප්‍රදේශයේ සඟවා තිබු එල්.ටී.ටී.ඊය සංවිධානයට අයත් බවට සැකකරන පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ (03) පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් සොයාගෙන තිබේ.

පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂා කිරීමකදීයි පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් මේ අවි තොගය සොයාගෙන ඇත.

ඒ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ ලබාගත් නියෝගයකට අනුවය.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 736 ක්, එම්.75 වර්ගයේ අත්බෝම්බ 06 ක්, ටි 82 වර්ගයේ අත්බෝම්බ 01 ක්, ආර්.පි.ජි.ගිනි අවි දෙකක්, ටි 56 ගිනි අවි කොටස් කිහිපයක්, ගුවන් යානා නාශක උණ්ඩ 80 ක් අදාළ ස්ථානයේ තිබු බව වාර්තා වේ.

පුදුකුඩිඉරිප්පු පොලිස් නිළධාරීන් පැවසූවේ මෑත කාලයේදී මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් හමුවූ විශාලතම පුපුරණ ද්‍රව්‍යතොගය මෙය බවයි.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ අවි තොගය පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් නිශ්ක්‍රීය කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිස් නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *