අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය අද ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය අද (08) පස්‌වරු 2.15 ට ආරම්භ වීමට නියමීත අතර එහිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් නව සැසිවාරය විවෘත කළ පසු පාර්ලිමේන්තුව හෙට (09) පස්‌වරු 1.00 දක්‌වා කල් තැබිමට නියමීතය.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව අනිද්දා (10 ) දවස පුරා පාර්ලිමේන්තුවේ විවාදයක්‌ පැවැත්වීමට ද පසුගියදා පැවැති පක්‌ෂ නායක රැස්‌වීමේදී තීරණය කෙරුණු අතර අනිද්දා පෙරවරු 10.30 සිට පස්‌වරු 6.30 දක්‌වා මෙම විවාදය පැවැත්වෙනු ඇත.

අද (08) දින පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය ආරාධිතයන්ට පමණක්‌ සීමා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *