ආණ්ඩුවෙන් ඉවත් වු 16 දෙනා විපක්ෂයේ අසුන් ගනියි

(කොළඹ, ලංකාපුවත්) –පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ දෙවන සැසි වාරය ආරම්භ වීමත් සමඟ විපක්ෂයේ අසුන් ගෙන තිබේ.

එසේම මේවන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් 8 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සභාවාරයේ පළමුවැනි රැස්වීම ඇමතීම ආරම්භ කර ඇත.

ජනාධිපතිතුමා විසින් ආණ්ඩුවේ ඉදිරි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වන ප්‍රකාශය සිදු කිරීම ආරම්භ කළේ ය

ප.ව. 2.10ට ඝණ පූර්ණ සීනුව නාදවීමෙන් අනතුරුව නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ විය. ජනාධිපතිතුමා ප.ව 2.15ට පමණ මංගල රැස්වීමේ මුලසුන ගැනීම සිදු කළ අතර ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව ඇමතීම ආරම්භ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *