උසස් පෙළ විභාගයේදි ප්‍රශ්න තෝරා ගැනිමට අමතර වේලාවක්

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී අපේක්ෂකයින්ට ප්‍රශ්න තෝරා ගැනීම සඳහා අමතර වේලාවක් වෙන් කර දීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේය.

ප්‍රශ්න තෝරා ගැනීමේදී විභාග අපේක්ෂකයින් මුහුණ දෙන ගැටලු මුල් කර ගනිමින් මෙම පියවර ගත් බවද හෙතෙම පැවසීය.

මෙය දෙවන කොටස ප්‍රශ්න පත්‍රය සඳහා හඳුන්වා දෙන බවත් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට අදාළ නොවන බව කොමාසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *