එජාප අභිනව මහ ලේකම් නිල වශයෙන් රාජකාරි අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය මගින් විජයග්‍රහණය කරා ගෙන යාමේ පුනරුදයක ඇරඹුම වැඩසටහන පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබීය.

ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පෙරේදා (06) රාත්‍රියේ පැවති පැවැති පරිත්‍රාණ ධර්ම දේශනයකිනි.

එක්සත් ජාතික පක්ෂයේ මිය ගිය නායකයින්,පක්ෂය වෙනුවෙන් විවිධ කැපකිරීම් සහ විවිධ පරිත්‍යාගයන් සිදුකළ ජනතා නායකයින් සහ සාමාජිකයන් සිහිපත් කරමින් , සියලු පාක්ෂිකයන්ට මෙන් ම රටවැසියන්ට සෙත් පතමින් පහන් වනතුරු මෙම පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත් වුණි.

අනතුරුව සියක් නමක් විෂයෙහි හීල් දානමය පුණ්‍ය කර්මයක් ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණේ පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අභිනව මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (07) උදෑසන යෙදුණු සුබ මොහොතින් සිය ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය .ඒ මහා සංඝරත්නයේ ආශිර්වාද සෙත් පිරිත් මධ්‍යයේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *