බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරට ඉන්දීය ක්‍රීඩිකාවක්

(කොළඹ, ලංකාපුවත්) – බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කඩුලු රකින ක්‍රීඩිකා අංජු ජායින් පත් කර තිබේ.

මාස 06ක කාලයක් සඳහා ඇය එම ධුරයට පත් කර ඇති බව සදහන්ය.

බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන ඩේවිඩ් කැපල්ගේ ඉවත්වීමෙන් පසු ඇය මෙම තනතුර සදහා පත් කර ඇති බව වාර්තා වේ.

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරධුරයට කාන්තාවක් පත්වන දෙවන අවස්ථාව මෙය බව සදහන්ය.

මීට පෙර ඉන්දිය ක්‍රීඩිකාවක් වන මම්ටා මබේන් ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ කටයුතු කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *