ව්‍යාජ වාහන ලියාපදිංචි පොත් සකස් කිරීමේ ඡාවාරමක් මොණරාගලින්

(කොළඹ, ලංකාපුවත්) – වාහන සදහා ව්‍යාජ ලියාපදිංචි පොත් සකස්කර එම පොත් උකසට තබා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොණරාගල විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් දෙදෙනා වාහන සදහා ව්‍යාජ ලියාපදිංචි පොත් සකස්කර එම පොත් උකසට තබා මුදල් වාංචා කර ඇති බව සදහන් ය.

මේ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මොණරාගල හුලන්දාව හංදියේ දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම ව්‍යාජ ලිපි ලේඛන සැකසීම සදහා උපයෝගී කර ගත් යතුරුපැදියක්, එයට ව්‍යාජව සකස් කරන ලද ලියාපදිංචි සහතිකයක්ද, වාහන අයිතිය පැවරීමේ ප්‍රකාශිත පෝරම, පරිගණක යන්ත්‍ර දෙකක්, කලර් ස්කෑනර් ප්‍රින්ටරයක් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයසඅ වුරුදු 23ක් හා 24ක් වූ රත්තනපිටිය හා මොණරාගල ප්‍රදේහවල පදිංචි කරුවන් වේ.

සැකකරුවන් අද(08) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මොණරාගල පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − seven =