නව කැබිනට් මණ්ඩල රැස්වීම හෙට

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මංගල සැසිවාරය හේතුවෙන් අද(08) පැවැත්වීමට නියමිතව තිබූ අමාත්‍ය මණ්ඩල රැස්වීම හෙට(09) දිනය දක්වා කල් තබා ඇත.

ඒ අනුව හෙට උදෑසන 10.00 ට ජනාධිපති කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම ආරම්භ වීමට නියමිතය.

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *