ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා දැව සංස්ථා සභාපති තවදුරටත් රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක යන අය ලබන 22 වනදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙම සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද(09) යළි ඉදිරිපත් කෙරුණි.

ඔවුන් දෙදෙනා පසුගියදා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත්තේ රුපියල් කෝටි දෙකක මුදලක් අල්ලස් ලෙස ලබාගනිමින් සිටියදීය. ඒ හෝටල් ව්‍යාපෘතියක් සඳහා විදෙස් සමාගමකින් අල්ලස් ලෙස රුපියල් කෝටි 54 ක මුදලක් ඉල්ලා ඉන් කොටසක් ලබාගනිමින් සිටියදීය.

කොළඹ හත රොස්මිඩ් පෙදෙසේ පදිංචි ෂුගර් ලංකා පෞද්ගලික සමාගමේ ප්‍රධානියෙකු වන ඉන්දීය ජාතිකයෙකු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

සිද්ධිය වූ වහාම ජනාධිපතිතුමාගේ නියෝගයකට අනුව මෙම දෙදෙනාගේ සේවය ද වහාම අත්හිටුවන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *