නීතිවිරෝධී රත්‍රරන් සමඟ කාන්තාවන් ගුවන් තොටුපළේ දී අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ රත්‍රරන් ග්‍රෑම් 432ක් සමඟ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළේ දී අද(09) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

ගුවන් තොටුපල මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගට අයත් යානයකින් ඩුබායි සිට මෙරටට නීති විරෝධී ලෙස මෙම රත්‍රරන් තොගය රැගෙන පැමිණි කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් රත්‍රරන් ප්‍රමාණය වළලු 12ක් හා මාල 03කින් සමන්විත වන අතර එහි වටිනාකම රුපියල් ලක්‍ෂ 45ක් පමණ වේ.

සැකකාරිය වැඩිදුර විමර්ශන සදහා ගුවන්තොටුපළ රේගු නිලධාරීන් වෙත භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 2 =