ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක් ජලය කැපේ

(කොළඹ, ලංකාපුවත්) – කොළොන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (10) පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව කොළොන්නාව, මීතොටමුල්ල, සේදවත්ත සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

හෙට පස්වරු 02.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.

අත්‍යවශ්‍ය ජලනළ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *