උඩවලව ජලාශයේ වාන් දොරටු 3ක් විවර කරයි

(කොළඹ, ලංකාපුවත්) – පවතින වැසි තත්වය හේතුවෙන් උඩවලව ජලාශයෙන් වාන් දොරටු තුනක් මේ වන විට විවෘත කර තිබෙන බව අපදා කළමනාකරන මධ්‍යස්ථානය සදහන් කළේය.

බස්නාහිර සබරගමුව ඌව නැගෙනහිර, ගාල්ල මාතර පොළොන්නරුව කළුතර පුත්තලම වැසි තත්වයේ වැඩිවීමක් පවතින බව එම මධ්‍යස්ථානය පැවසීය.

හපුතලේ නාය අවදානම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 92ක් ඉවත් කර තිබේ.

අම්බලන්තොට, මොණරාගල, රත්නපුර ජනතාව දැනුවත් කිරීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් මේ වන විට කටයුතු කර ඇත.

කදුකර හා ගංගා දෙපස සිටින ජනතාව විමසිල්ලෙන් සිටින ලෙස, අපදා කළමනාකරන මධ්‍යස්ථානය දැනුම් දෙයි. මේ සම්බන්ධ සියළු තොරතුරු දැන ගැනීම සඳහා 117 දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *