“බිග් මැච් උණ” කොළඹින් පිට බාලිකාවන් අතර සීඝ්‍රයෙන් පැතිරෙන හැඩ

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රීලංකා ක්‍රිකට් කාන්තා ක්‍රිකට් අංශය විසින් සංවිධානය කරන අන්තර් පාසල් බාලිකා මහා ක්‍රිකට් තරඟ අතර නුගේගොඩ අනුලා විද්‍යාලය හා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරඟය මැයි 11 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

බාලිකාවන් අතර ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය කිරීම සඳහා ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් අංශය විසින් මෙවර දිවයින පුරා අන්තර් පාසල් බාලිකා මහා ක්‍රිකට් තරඟ 15 කට අනුග්‍රහය දක්වන අතර උතුරු පලාතේ “වන්නි මහා හටන” තරඟය අද(09) වව්නියාව හින්දු විද්‍යාලය හා මන්නාරම සිත්තිවිනයාගර් හින්දු විද්‍යාලය අතර වව්නියාව නගරසභා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

ශ්‍රීලංකා ක්‍රිකට් අනුග්‍රහය දක්වන බාලිකා මහා ක්‍රිකට් තරඟ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවක් පැවැති අතර ඒ සඳහා කාන්තා ක්‍රිකට් අංශයේ කැඳවුම්කාරිය අප්සාරී තිලකරත්න, නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනී ජයනී ප්‍රෂාංගිකා, ගම්පහ රත්නාවලී බාලිකා විදුහල්පතිනී හේමා ජයවර්ධන, මාතර තලල්ල ධර්ම විජය විද්‍යාලයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු හා ක්‍රීඩා භාර ආචාර්ය ප්‍රසන්න මොහොට්ටි හා කන්තලේ ම.ම.විද්‍යාලයේ විදුහල්පති යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

ඉදිරියේදී පැවැත්වෙන බාලිකා මහා ක්‍රිකට් තරඟ

1) වව්නියාව හින්දු විද්‍යාලය හා මන්නාරම සිත්තිවිනයාගර් හින්දු විද්‍යාලය අතර 2018.05.09 වව්නියාව නගරසභා ක්‍රීඩාංගනයේදී
2) නුගේගොඩ අනුලා විද්‍යාලය හා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය අතර 2018.05.11 කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී
3) ශා.අන්තෝනි හා නුගවෙල ම.ම.වි. අතර 2018.05.18 පල්ලෙකැලේ ජා.ක්‍රි.ක්‍රීඩාංගනය මහනුවර
4) ඔක්කම්පිටිය විජයබාහු විද්‍යාලය හා ඇතිලිවැව ද්වීතීක පාසල අතර 2018.05.25 මොනරාගල
5) කන්තලේ ම.ම.වි. හා කන්තලේ සිංහල ම.වි. අතර 2018.05.31 සිංහල ම.වි. ක්‍රීඩාංගනය
6) මහජන විද්‍යාලය හා මඩකළපුව සන්දිවලි විද්‍යාලය අතර 2018.06.01 මඩකලපුව ශිවනන්ද විද්‍යාල ක්‍රීඩාංගනය
7) දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල හා මැදගම ද්විතීක පාසල අතර 2018.06.08 දෙහිඅත්තකණ්ඩිය අම්පාර
8) කොළඹගේ ආර විද්‍යාලය හා රත්නපුර කුරුවිට ම.ම.වි. අතර (පැවැත්වෙන දින පසුව දැනුම් දෙනු ලැබේ.) රත්නපුර
9) මොරටුව වේල්ස් කුමරි විදුහල හා ගල්කිස්ස බෞද්ධ බාලිකා විදුහල අතර දෙහිවල එස්.ද එස්.ජයසිංහ ක්‍රීඩාංගනය (පැවැත්වෙන දින පසුව දැනුම් දෙනු ලැබේ.)
10)විශාකා බාලිකා විදුහල හා බදුල්ල ම.ම.වි. අතර බදුල්ල (පැවැත්වෙන දින පසුව දැනුම් දෙනු ලැබේ.)
11) මාතර අනුර විද්‍යාලය හා තලල්ල ධර්ම විජය විදුහල අතර මාතර (පැවැත්වෙන දින පසුව දැනුම් දෙනු ලැබේ.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *