වලස්මුල්ලේ දී ගණිකා නිවාසයක් වටලයි

(කොළඹ, ලංකාපුවත්) – වලස්මුල්ල නගරයේ නවාතැන්පලක් කරගෙන යන මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් කළ වැටලීමකදී සැකකරුවෙක් හා සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත අදාළ වැටලීම සිදු කර තිබේ.

එහිදී ගණිකා නිවාසය පවත්වාගෙන යාම හ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් ද, ගණිකා වෘත්තියේ යෙදීමට රැදී සිටි සැකකාරියන් 03දෙනෙකු ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සදහා වලස්මුල්ල පොලිසියට භාර දී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වයස අවුරුදු 57, 51, 25, 23 වයස්වල පසුවන වලස්මුල්ල, තංගල්ල, කලවාන, පදියතලාව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මොවුන් අද(09) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන වලස්මුල්ල පොලිසිය විසින් සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *