විශේෂ අධිකරණ පිහිටුවන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුව

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුවට අද (09)දින ඉදිරිපත් කිරීමට නියමිත අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත කරගැනීමට රජයට හැකියාවක් ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සමකැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.

අධිකරණ සංශෝධන පනත්කෙටුම්පත පිළිබද මාධ්‍යවේදීන් දැනුවත් කිරිම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ(08) දහවල් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“2015 වසරේ යහපාලන රජයබලයට පත් වුයේ මනුෂ්‍ය ඝාතන, මුල්‍ය වංචා, පිළිබදව විධිමත් පරීක්ෂණ පවත්වන බව ප්‍රකාශකරමින්. නමුත් එම පරීක්ෂණ ප්‍රමාද වීම හේතුවෙන් සමාජය තුල විවේචන ඇති වුනා. ඇතැම් අය ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂය සමග ඩීල් ඒකක් දමා පරීක්ෂණ යටපත් කළ බවයි. මුල්‍යවංචා පරීක්ෂණ සෙවීම සදහා මුල්‍ය අපරාධ කොට්ඨාසය ස්ථාපිත කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මනුෂ්‍ය ඝාතන පරීක්ෂණ සිදු කරනවා. දිර්ඝ කාලීනව සිදු කළ පරික්ෂණ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා. ඇතැම් නඩු විභාග වුවත්,ඇතැම් නඩු විභාගවීම මෙතෙක් ආරම්භ වී නැහැ. ඇතැම් මනුෂ්‍ය ඝාතන පරික්ෂණ සාක්ෂිසටහන් පවා විනාශ කර තිබුනා. ඝාතන වල ඇටකටු පවා අතුරුදන් කර තිබුනා. මිග් යානා ගණූදෙනුවේ පරික්ෂණ වාර්තා වෙනස් කර තිබුනා. මෙම අකටයුතුකම් සියල්ල යථා තත්ත්වයටපත් කර ගනිමින් පරීක්ෂණ පැවැත්වීමට නිලධාරීන්ට සිදු වුනා. අධිකරණයේ මන්දගාමීභාවයක්ද පැවැතුනා. ඇතැම් නඩු තීන්දු අත්අඩංගුවට ගැනීමට බැරිද පුළුවන් ද කියා ලබා දීතිබුනා. සමහර නඩු විභාග මාස 08 ක් දක්වා කල් දැමුනා. නීතිඥවරු ප්‍රකාශ කළ පරිදිඇතැම් තීන්දු නීතියට අදාල නොවන පරිදි ලබා දී තිබුනා. එම නිසා විශේෂ අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට තීරණය කළා. එය පසුගිය කාලයේ මුලාවක් වී තිබුනේ හිටපුඅධිකරණ අමාත්‍යවරුන්ගේ ක්‍රියාකළාපය හේතුවෙන්. අමාත්‍යවරුන්ට කරන්න බැරි වූ දෙය වත්මන් අධිකරණ අමාත්‍යවරිය වන තලතා අතුකෝරාළ මහත්මිය විසින් සිදු කළා. ඒ සියලුදෙනාගේම එකගතාවය ද ලබා ගනිමින්. මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවටඉදිරිපත් කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *