අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද(10) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව සදහන් කළේය.

ඒ අනුව,

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 137 යි

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 148 යි

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 119 යි

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 109 යි

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 101 ක් දක්වාද මිල ගණන් ඉහළ දමා ඇත‍.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − 6 =