අධ්‍යාපන අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ගණිතය අසමත් සිසුන්ට උසස් පෙළ පන්තියට ඇතුළත් වීමේ අවස්ථාව බොහෝ පාසල්වල අහිමි බවට ඇතැම් කණ්ඩායම් පවසන පුවත් පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය විසින් පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

නිසි බලධාරියකුගේ විමසීමකින් තොරව සිදු කරනු ලබන මෙම ප්‍රචාර මගින් ජනතාව නොමග යැවීමක් සිදුවන අතරම ඔවුන් බරපතල අපහසුතාවයට ද පත් වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය ඒ අනුව අවධාරණය කරනු ලැබේ.

අ.පො.ස. (උ.පෙළ) හැදැරීම සඳහා අ.පො.ස. (සා.පෙළ) ගණිතය විෂයය සමත් වීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් පවතින චක්‍රලේඛ වෙනස්කිරීමකින් තොරව එලෙසම පවති. සෑම පාසල් සිසුවෙකුට ම පළමු ශ්‍රේණියේ සිට අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබා දීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින්, නව වෘත්තීය විෂයයන් 26ක් ඇතුළත් විෂය ධාරාවක් අ.පො.ස. (උසස් පෙළ) සඳහා හඳුන්වා දී ඇති අතර, එය දැනට නියාමක වැඩසටහනක් ලෙස තෝරා ගත් පාසල් 192 ක ක්‍රියාත්මක කරනු ලැබේ.

මේ සම්බන්ධව අදාළ සියලුම විදුහල්පතිවරුන් දැනුවත් කර ඇතැයි ද අමාත්‍යංශ මාධ්‍ය ඒකකය සදහන් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *