අධිකරණ සංවිධාන කෙටුම්පත සම්මතයි

(කොළඹ, ලංකාපුවත්) –අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 67 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (09 ) සංශෝධන සහිතව සම්මත විය.

මෙම පනත් කෙටුම්පතට පක්‌ෂව ඡන්ද 119 ක්‌ ප්‍රකාශ වු අතර විරුද්ධව ඡන්ද 52 ක්‌ ප්‍රකාශ විය.

පනතට පක්‌ෂව ආණ්‌ඩු පක්‌ෂය සමඟ ද්‍රවිඩ ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්‌ෂව ඒකාබද්ධ විපක්‌ෂය සහ පෙරේදා (08) විපක්‌ෂයට එකතු වූ එජනිස මන්ත්‍රීවරු ඡන්දය භාවිතා කළහ.

පනත පිළිබඳව ඡන්දය විමසන අවස්‌ථාවේදී ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරු සභා ගැබෙහි නොසිටියහ.

පාර්ලිමේන්තුව අද (10) පෙ.ව. 10.30 ට යළි රැස්‌ විමට නියමීතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *