එඩරු ඇට කෑ සිසුන් 08ක් රෝහලේ

(කොළඹ, ලංකාපුවත්) – ඇතිමලේ, විලඔය ශ්‍රී මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් එඩරු ඇට ආහාරයට ගැනීම හේතුවෙන් රෝහල් ගත කර ඇත.

ඊයේ(09) දහවල් 12.30ට පමණ එම විද්‍යාලයේ 04වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 08දෙනෙකු පාසල් ක්‍රියාකාරකමකට රැගෙන විත් තිබූ ඇට වර්ගයක එඩරු ඇට තිබී එම ඇට සිසුන් විසින් තලා එහි මද කෑමෙන් වමනය යාමේ තත්ත්වයක් ඇතිව තිබේ. මේ හේතුවෙන් එම සිසුන්ව සියඹලාණ්ඩුව රෝහලට ඇතුලත් කර ඇත.

සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + fourteen =