කොළඹ අඩුපහසුකම් සහිත ජනතාවට ඉදිකළ තවත් නිවාස 437ක් ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) –මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන අංශය විසින් ක්‍රියාත්මක ,නිවසක් වෙනුවට ජීවිතයක්, වැඩපිළිවෙළ යටතේ කොළඹ නගරයේ අඩුපහසුකම් සහිත ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද නිවාස 437 ක් ජනතා අයිතියට පවරාදීම අද(10) සිදු විය.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ දෙමටගොඩ ,සියපත් සෙවණ, නව නිවාස සංකීර්ණයේදී ය.

සමරු ඵලකය නිරාවරණය කර නව නිවාස සංකීර්ණය ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

නිවාස සංකීර්ණයේ ,සුහුරු ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය, ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක්විය.

නව නිවාස ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් නිවාස 10 ක යතුරු නිවාසලාභීන් වෙත ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, මුජිබර් රහුමාන්, පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, එජාප බොරැල්ල ආසන සංවිධායක නිතිඥ අජිත් පතිරණ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක මහතා ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *