(කොළඹ, ලංකාපුවත්) –අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත විදුලිබල ඉංජිනේරු සංගමයේ නියෝජිතයින් සහ විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතර සාකච්ඡාවක් අද(10) පැවැත්වේ.
ඒ, ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන ජනන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යංශයේ මැදිහත් වීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා ය.
විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යංශය සඳහන් කළේ, මෙම ජනන සැලැස්ම අමාත්‍යවරයා විසින් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ය.
එහිදී ඒ සඳහා අනුමැතිය ලැබුණු බව ද අමාත්‍යංශය සඳහන් කළේ ය.
කෙසේ වෙතත් තමන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මක බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.