සමෘද්ධි ලාභීන්ට හා ධීවරයින්ට භූමිතෙල් පැරණි මිලටම

(කොළඹ, ලංකාපුවත්) – අද(10) මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් මිල ගණන් වැඩි වුවත් දෙපිරිසක් සඳහා පමණක් පරණ මිලටම භූමිතෙල් ලබා දෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියි.

අද (10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

සමෘද්ධි ලාභීන්ට හා ධීවර ජනතාවට භූමිතෙල් අවශ්‍ය වන්නේ ඔවුන්ගේ දෛනික අවශ්‍යතාවයන් මත බවත් නමුත් වාහනවලට දැමීම සඳහා භූමිතෙල් භාවිතා කිරීම මඟින් සිදුවන භූමිතෙල් අවභාවිතා විම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 2 =