(කොළඹ, ලංකාපුවත්) – අන්තර්ජාලය මගින් වෙනත් අයගේ මුහුණු පොතේ ගිණුම් වෙත ඇතුළු වී මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ(09) සවස අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස්පතිට කියන්න විද්යුත් තැපැල් ඒකකය වෙත ලද තොරතුරක් මත මේ සම්බන්ධ විමර්ශන සිදු කර ඇති පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව ඔහුව පොලොන්නරුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
ඔහු වයස අවුරුදු 19ක් වූ මූණමල්දෙණිය ප්රදේශයේ පදිංචි අයෙකි.
මෙම සැකකරු වෙනත් පුද්ගලයන්ගේ මුහුණුපොත් ගිණුම් වෙත ඇතුළු වී එම පුද්ගලයාගේ මිතුරන් හට මුහුණුපොතේ හිමිකරු ලෙස වංචනිකව පෙනී සිටිමින් එම පුද්ගලයින්ගෙන් මුදල් ඊෂිකෑස් මගින් ලබා ගැනීම සිදු කර ඇත.
සැකකරු අද(10) මනම්පිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලොන්නරුව පොලිසිය මේ සම්බන්ධ ඉදිරි විමර්ශන සිදු කරනු ලැබේ.