ක‍්‍රිස්බ්‍රෝ වාර්ෂික සම්මාන රාත‍්‍රියේදී දක්‍ෂ සේවකයන්ට ඉහලින් හරසර

(කොළඹ, ලංකාපුවත්) –වසර 46 ක කාලයක් ජාතියේ පෝෂණ අවශ්‍යතාව සපුරාලීමට කැපවු මෙරට ප‍්‍රමුඛ සමූහ ව්‍යාපාරයක් වන ක‍්‍රිස්බ්‍රෝ සමාගමේ සේවක සේවිකාවන්ගේ වර්ෂික සම්මාන රාත‍්‍රිය පසුගියදා ඉතා උත්කර්ෂවත් ලෙස පොල්ගොල්ල මහින්ද රාජපක්‍ෂ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විය.

මෙම අවස්ථාවට ක‍්‍රිස්බ්‍රෝ සමුහයට අයත් සමාගම් හයේ දිවයිනපුරා පිහිටි ව්‍යාපාර ස්ථාන 17ක 1100 කට අධික සේවක මණ්ඩලය සහභාගි විය. ඒ අතරට අධ්‍යක්‍ෂ මණඩලය හා ඔවුන්ගේ පවුලේ සමාජිකයන්, ජේ්‍යෂඨ කළමණාකාරීත්වය සහ උපදේශක කණ්ඩායම් අයත් විය.

2017 වර්ෂය තුලදී ඉහල දක්‍ෂතාවක් දැක් වූ සේවක සේවිකාවන් 31 දෙනෙකු මෙහිදී සම්මානයට පාත‍්‍ර විය. එම පිරිස අතර කණිෂ්ඨ සේවක සේවිකාවන් 16 දෙනෙකුටද මුදල් ත්‍යාග හා සම්මාන හිමි වූ අතර ඔවුන්ට සිය පවුලේ සාමාජිකයන් සම`ග විනෝද චාරිකාවක් ස`දහා අනුග‍්‍රහය හිමි විය. සම්මානයට පාත‍්‍ර වු විධායක ශ්‍රේණියේ නිළධාරීන් 12 දෙනාට මුදල් ත්‍යාග සමග තරු පන්තියේ හෝටලයක රාත‍්‍රියක් සිය පවුල සම`ග ගත කිරීමට අනුග‍්‍රහය ලැබිණි. ජේ්‍යෂ්ඨ කළමණාකරුවන් තිදෙනෙකු සම්මානයට පාත‍්‍ර වු අතර ඔවුනට සිය පවුල සම`ග විදේශීය සංචාරයකට සහභාගිවීමට සමාගම විසින් අනුග‍්‍රහය ලබාදෙන ලදී.

වසර 5 සිට වසර 25 දක්වා සේවා කාලයක් සම්පූර්ණ කල සේවක මහත්ම මහත්මීන් අගයමින් සම්මාන පිරිනැමු අතර 2018 සහ 19 වසර ස`දහා නව නිවාස 5 ක් සහ නිවාස අලූත් වැඩියා කිරීම් 20 ක් සිදු කිරීමද මෙහිදී නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කෙරුණි.

උත්සවයේදී අදහස් දැක් වූ ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයේ සභාපති හා කළමණාකාර අධ්‍යක්‍ෂ මොහොමඞ් ඉම්තියාස් මහතා, ක‍්‍රිස්බ්‍රෝ සන්නාමය යටතේ පැමිණි සාර්ථක ගමන්ම`ග පිළිබ`දව පැහැදිලි කළ අතර සමාගමට ලැදිව සහ කැපවීමෙන් සේවය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ඒ අනුව සියලූ දෙනාගේ කැපවීම, අවංකභාවය, සහ නිර්මාණශීලිත්වය ම`ගින් ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්විය හැකි බව ඉම්තියාස් මහතා තවදුරටත් කියා සිටියේය. ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරය මේ දක්වා ලබාගත් ජයග‍්‍රහණ වෙනුවෙන් කැප වූ සියලූ සේවක මහත්ම මහත්මීන්ට ද ඉම්තියාස් මහතා සිය ස්තූතිය පලකළේය.

මේ වසරේ සිට හ`දුන්වා දුන් නව සම්මාන වන ,හරිත සත්කාර පරිසර සම්මානය, හා ,වඩාත් දියුණු වූ ව්‍යාපාරික ස්ථානය, යන සම්මාන පිළිවෙලින් ගල්ගමුව ගොවිපළට සහ පරගල ගොවිපළට හිමි විය. මෙම සම්මාන දෙකම ඉදිරි වසරවලදී ද ඒ ඒ ගොවිපළ දක්වන දක්‍ෂතා හා ජයග‍්‍රහණ මත පිරිනැමීමට නියමිතයි.

සේවක මණ්ඩලයේ දරුවන්ගේ විවිධ කුසලතා ඔප්නැංවීමට මේ වසරේ සිට හ`දුන්වා දුන් ,සිසුදිරිය, නර්තන තර`ගාවලියේ දී ජයග‍්‍රහණය කළ කණ්ඩායම්වලට සම්මාන රාත‍්‍රියේදී සිය දක්‍ෂතා දැක්වීමට අවස්ථාව ලබාදීම විශේෂ සිද්ධියකි. ක‍්‍රිස්බ්‍රෝ සමුහ ව්‍යාපාරයේ මානව සම්පත් හා පරිපාලන කළමණාකරු රංජන මහින්දසිරි මහතා කියා සිටියේ සේවක මණ්ඩලයේ දරුවන්ගේ කුසලතා හ`දුනාගනිමින් ඒ ස`දහා වේදිකාවන් නිර්මාණය කිරීම, ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයේ බලාපොරොත්තුව වූ බවයි. තවද සේවක සේවිකාවන් පරිසරහිතකාමී ලෙස කටයූූතු කිරීම දිරිගන්වමින් ව්‍යාපාරික කටයුතු සාර්ථක කරගැනීමට නව සම්මාන දෙක හ`දුන්වා දුන් බව මහින්දසිරි මහතා කියා සිටියේ්ය.

1972 වර්ෂයේදී කුකුළු පැටවුන් 100 දෙනෙකුගෙන් ඇරඹි ක‍්‍රිස්බ්‍රෝ එතැන් පටන් වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැක්ම පෙරදැරිව කටයුතු කිරීම ඇරඹීය. ප‍්‍රමිතිය, නැවුම්බව සහ නව්‍යකරණය සඳහා ඉහළ වැදගත්තමක් ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු නිෂ්පාදන ව්‍යාපාරික ආයතනය බවට පත් විය. මව් ගොවිපොළ, අභිජනන ගොවිපොළ, බ්‍රොයිලර් ගොවිපොළ සහ කුකුළු ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලියක් ඇතුළු පුළුල් පරාසයක ක‍්‍රිස්බ්‍රෝ හි අතු පතර විහිද පවතී. ‘ගොවිපොළේ සිට ආහාර මේසය දක්වා’ යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ සාර්ථකත්වයෙහි ගමන් මගෙහි සංකල්පය වී තිබේ. ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයේ සාර්ථකත්වයට බාහිර කුකුළු නිෂ්පාදකයින්, ඉරිඟු වගා කරුවන් මෙන්ම සමස්ත ශ‍්‍රී ලාංකීය පාරිභෝගික ප‍්‍රජාවගෙන්ද ලැබෙනුයේ සුවිසල් සහයෝගයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 1 =