ගුවන්යානා තුළ WhatsApp නොමිලේ

(කොළඹ, ලංකාපුවත්) – ගුවන්යානා තුළ WhatsApp සමාජ ජාල මෘදුකාංගය නොමිලේ භාවිතා කිරීමට පහසුකම් සපයා දෙන බව නිවේදනයක් නිකුත් කරමින් සෞදි ගුවන් සමාගම ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

WhatsApp මෘදුකාංගය හරහා පණිවිඩ පමණක් යැවීමට අවස්ථාව ලබාදෙන බව ගුවන් සමාගම ප්‍රකාශ කළේය.

මීට පෙර ගුවන්යානා පියාසර කරන අවස්ථාවේ WhatsApp මෘදුකාංගය භාවිතා කිරීමට ගුවන් මඟීන්ට අවස්ථාව හිමි නොවීය. අදාළ පහසුකම සියලුම අභ්‍යන්තර ගුවන්ගමන් සහ තෝරාගත් අන්තර්ජාතික ගමනාන්ත කීපයකට ලබාදීමට ගුවන් සමාගම මේ වන විට තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *