ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ත්‍රිකුණාමලය, සිරිමාපුර ප්‍රදේශයේ අද(11) උදෑසන 06.00ට පමණ සිදූ වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

කාර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇත.

තුවාලකරු ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බව පොලිසිය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 45ක් වූ සිරිමාපුර ප්‍රදේශයේම පදිංචි අයෙකි.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් හෙළිව නොමැත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ත්‍රිකුණාමලය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + 3 =