පකිස්ථානු ජාතිකයෙකුට ශ්‍රී ලංකාවේ දී මරණ දඩුවම

(කොළඹ, ලංකාපුවත්) – 2010 වසරේ ශ්‍රී ලංකාවට ආනයනය කළ අල කන්ටේනරයක් තුළ සඟවා හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 8.35 රැගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පාකිස්ථානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද(11) මරණීය දණ්ඩනය නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

2010 වසරේ නොවැම්බර් මස 23 වනදා එම වසරේ දෙසැම්බර් මස 8 වන දා දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට ආනයනය කළ අල කන්ටේනරයක් තුළ සඟවා හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 8.35 ක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් සයිඩ් මොහොමඩ් නමැති පකිස්ථානු ජාතිකයෙකු ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

ඒ අනුව විත්තිකරුට මරණීය දණ්ඩනය පනවන බව ද විනිසුරුවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 5 =