මොරගහහේනේ නිවසක සේප්පුවකින් කිලෝ 1.7ක හෙරෙයින් තොගයක්

(කොළඹ, ලංකාපුවත්) – හොරණ-මොරගහහේනේ නිවසක සේප්පුවකින් රුපියල් දෙකෝටි හතලිස් පන්ලක්ෂයක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 1.7 ක් සොයාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් සමත්ව ඇත.

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරිම්වලදී ඔහුගේ නිවසේ තිබී මෙලෙස හෙරොයින් සොයාගෙන තිබේ.

පසුගිය 04 වනදා හොරණ ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමේදී දින 07ක් රැදවුම් නියෝග මත විමර්ශන සිදු කිරිමට අධිකරණය අවසර ලබාදී තිබිණි.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරි විසින් ඔහුගේ නිවස පරික්ෂා කිරිමේදී යකඩ සේප්පුවක සඟවා තිබූ හෙරොයින් තොඟය සහ රත්‍රං ග්‍රෑම් 493යි මිලිග්‍රෑම් 63ක් සොයාගත් බව පොලිසිය පැවසීය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 12 =