17 වනදා වෛද්‍ය වර්ජනයක්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එළඹෙන 17 වනදා දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිතය.

ඒ සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා, කොළඹ අද(11) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඊයේ පැවති විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × five =