ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් මහතා සත්දින නිල සංචාරයක් සදහා ඊයේ (13) දිවයිනට පැමිණියේය. ඒ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ආරාධනාවකට අනුවය.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවත්නා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරමින් ද්විපාර්ශිවික සබදතාවන්හි වැදගත්කම සාකච්ඡා කිරීම සදහා ඒ මහතා දිවයිනට පැමිණ තිබේ.

කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඉන්දීය යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී බිෆින් රාවට් සහ මදුලිකා රාවට් මහත්මිය ඉතා උණුසුම් අයුරින් පිළිගැනුණි.

පස් දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය දූත පිරිස ශ්‍රී ලංකාවේ සිදු කරන සංචාරය අතරතුර ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යවරයාත්, ආරක්ෂක ලේකම් ඇතුළු ආරක්ෂක අංශයේ සහ ඉහළ පෙළේ රජ්‍යතාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු හමු වීමට නියමිතව තිබෙනවා. අද දින බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත ඉන්දීය යුද හමුදා දූත පිරිස පුෂ්පෝපහාර දැක්වීමටද නියමිතය.

එසේම සංචාරක නියෝජිත පිරිස දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ මෙන්ම ත්‍රිකුණාමලය සහ ගාල්ල ප්‍රදේශයේ ද සංචාරය කිරීමට නියමිත බව යුද හමුදාව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *