තාම සැපයි මහින්ද මහත්තයාගේ කාලෙට වඩා – පා.ම. මරික්කාර්

(කොළඹ, ලංකාපුවත්) – කිරිපිටි, ගෑස් සහ පෙට්‍රල් ඩීසල් මිල මහින්ද මහත්තයාගේ කාලෙට වඩා අඩු නිසා මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයත් ඇති තරම් පවතින නිසා මහින්ද මහත්තයාගේ කාලේට වඩා තාම සැප බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ රුපියල් බිලියන 3.6 ක ප්‍රතිපාදනයෙන් ඉදිවන ලෝලෙවල් මාර්ගයේ මූලික අදියරේ සංවර්ධනය කටයුතු නිරීක්ෂණය කිරීමට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ මන්ත්‍රීවරයා,

“මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලෙට වඩා කිරිපිටි මිල තවමත් අඩුයි. ගෑස් මිල තාමත් අඩුයි, පෙට්‍රල් ඩීසලුත් අඩුයි. එතුමාගේ කාලෙට වඩා වැඩි එකම දේ ලාම්පු තෙල් විතරයි. එතුමා හීනෙන් දකින දේවල් වලට අපිට කරන්න දෙයක් නෑ. කුමාර වෙල්ගම මහත්තයා ෂෙඩ් එකක් ළග බැහැලා සරම උස්සගෙන අහලා තියෙනවා දැන් සැපද කියලා. ඇත්තටම සැපයි අපිට, මොකද සුදු වෑන් නෑ, මීනීමරන්නේ නෑ , ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා.ඒ නිසා තාම සැපයි මහින්ද මහත්තයාගේ කාලෙට වඩා මොකද ඊට වඩා ගානත් අඩුයි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *