බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙක් මෙරටදී මරුට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට, බ්‍රිතාන්‍ය සිට පැමිණි රග්බි ක්‍රිඩකයෙකු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

සුහද රග්බි තරඟාවලියට සහභාගීවිම සඳහා පසුගිය 10 වනදා 22 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය ජාතික රග්බි කණ්ඩායමක් දිවයිනට පැමිණ ඇත.

එම තරඟාවලිය පසුගිය 12වනදා කොළඹ ප්‍රදේශයේ ක්‍රිඩාංගණයක පැවැති අතර ඉන් අනතුරුව එම ක්‍රිඩකයින් එම ක්‍රීඩා සංකීර්ණයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

භෝජන සංග්‍රහයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රිඩකයින් ඔවුන් නවාතැන් ගෙන සිටි සංචාරක හෝටලට පැමිණ ඇති අතර පසුවන් කොල්ලුපිටිය ප්‍රදේශයේ පැවැති රාත්‍රී සමාජ ශලාවකට ඔවුන් ගොස් ඇති බව සඳහන්ය.

සමාජ ශාලාවේ සිට පසුදින අළුයම 04.00ට පමණ තමන් නවාතැන් ගෙන සිටි හෝටලයකට පැමිණි අදාළ ක්‍රිඩකයින් පිරිස අතරින් ක්‍රිඩකයින් දෙදෙනෙකුට හුස්ම ගැනිමේ අපහසුතාව හේතුවෙන් ඊයේ(13) දහවල් කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කර තිබේ. හෝටල් කළමනාකාරීත්වය විසින් මෙම ක්‍රීඩකයින් දෙදෙනා රෝහල් ගත කර ඇත.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් එක් අයෙකු මියගොස් ඇති අතර මියගොස් ඇත්තේ 26 හැවිරිදි හාවඩ් තෝමස් ඇන්ඩෘ නැමති ක්‍රිඩකයෙකු බව පොලීසිය පැවසීය.

එසේම බෙට් තෝමස් රීඩ් නැමැති වයස අවුරුදු 27ක ක්‍රීඩකයෙකු මේවන විටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර කොටුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 3 =