ජනපති ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි අතර හමුවක් ඊයේ (13) පස්වරුවේ ටෙහෙරාන් නුවරදී පැවැත්විණි.

මෙහිදී ඉරාන ආධ්‍යාත්මික නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව හෘදයාංගම ලෙස පිළිගනු ලැබීය.

අතීතයේ පටන් පවතින ශ්‍රී ලංකා – ඉරාන සබදතා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වැදගත්කම මෙහිදී පෙන්වාදුන් ඉරාන ආධ්‍යාත්මික නායකයා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා මෙන්ම ජනතාව අතර සබදතා ද වැඩිදියුණු කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

රටවල් දෙකම භූගෝලීය වශයෙන් වැදගත් ස්ථානවලට පිහිටා තිඛෙන අතර, ඒ අනුව ඉදිරි දියුණුවට රටවල් දෙකටම ඇති ශක්‍යතාවයන් උපරිම ලෙස භාවිතයට ගැනීමේ වැදගත්කම ද එතුමා පෙන්වා දෙනු ලැබීය.

මෙහිදී ඉරාන ආධ්‍යාත්මික නායකයකා විශේෂයෙන් සදහන් කළේ තමන් කවදත් ශ්‍රී ලංකාවේ තේවලට ඉතා කැමැත්තක් දක්වන බවයි.

දෙරටේම ජනතාවගේ සිතුම් පැතුම්වල සමානතා පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග පැවති සුහද කතාබහේදී තමාට අවබෝධ වූ බව ද ඉරාන අධ්‍යාත්මික නායකයා සදහන් කළේය.

ඒ අනුව දෙරෙටේ සබදතා ශක්තිමත් කර ගනිමින් සහෝදර රාජ්‍යයන් ලෙස ඉදිරියට යාමේ හැකියාව පෙන්වා දුන් ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊයේ දින දෙරට අතර අත්සන් තැබුණු නව අවබෝධතා ගිවිසුම් සක්‍රියව ඉදිරියට කි්‍රයාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා අධ්‍යාත්මික නායකයෙකු වශයෙන් එතුමා ඉටුකරන මෙහෙය ඇගයීමට ලක් කළේය. බෞද්ධ දර්ශනය මත පදනම් වූ සමාජයක් ශ්‍රී ලංකාවේ පවතින බවත්, ආගමික දර්ශනයන් තුළින් සමාජය සුවපත් කළ හැකි බවත් ජනාධිපතිතුමා සදහන් කළේය.

ඉරානයේ තාක්ෂණික දියුණුව ද මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනය සදහා එම අත්දැකීම් හිමිවනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

ඉරානයේ රාජ්‍ය සංචාරයක් ස`දහා තමා වෙත ආරාධනා කිරීම සහ එහිදී දැක්වූ හෘදයාංගම පිළිගැනීම සහ ආගන්තුක සත්කාර පිළිබද ජනාධිපතිතුමා මෙහිදී ඉරාන අධ්‍යාත්මික නායකයා වෙත සිය ස්තූතිය පිරිනැමීය.

මේ අතර ඉරානයේ ටෙහෙරාන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද ඊයේ (13) පස්වරුවේ ජනාධිපතිතුමා හමුවිය.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබද මෙහිදී කරුණු පැහැදිළි කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

විද්වතුන්, වෘත්තියවේදින්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුථ පිරිසක් ඊට එක්ව සිටී අතර ඔවුන් ඉතා ගෞරවයෙන් යුතුව ජනාධිපතිතුමාව පිළිගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *